Comentários do leitor

දත් හොඳින් මැදී ඇති බව දැන ගන්නේ කෙසේ ද?

"Lupe Terrell" (2018-12-23)


උදෑසන අවදි වූ අයෙකු දෛනිකව සිදුකරන කාර්යයක් වන "දත් මැදීම" මගින් මෙම දත් ආරක්ෂාකර ගැනීමට මනා සහයක් ලැබේ. එබැවින් අද දිනය වන විට බොහෝ පිරිසක ගේ "පුරුද්දක්" බවට පත්ව ඇති දත් මැදීම අත්‍යාවශ්‍ය මෙන්ම විද්‍යානුකූලව සිදු කළ යුතු කාර්යයක් බවයි.
උදේ දත් මැදිය යුතු වේලාව
පැය ගණනාවක් තිස්සේ මුව තුළ බැක්ටීරියා මැඩීමට රාත්‍රියේ දී මනා ඉඩකඩක් ලැබේ. එබැවින් උදෑසන අවදිවන විට මුව තුළ අප්‍රසන්න බවත් දැනෙන නිසා බොහෝ දෙනෙකු අවදි වූ වහාම දත් මැදීමට හුරු පුරුදුව සිටිති. එය අපේ පුරුද්දක් බවට පත්ව ඇති නිසා එම ක්‍රමය වෙනස් කරන්නට යෝජනා කිරීම සුදුසු නොවන බව සමහරුන් පවසන්නට ඉඩ ඇත. නමුත් ඔබ කට සෝදා ආහාර අනුභභව කර අවසානයේ දත් මැදිය හැකි නම් ඉතා ප්‍රයෝජනවත් වනු ඇත.
"දත් බෙහෙත්" දන්තාලේප අවශ්‍ය ද?
දන්තා ලේප මගින් දත් මැදීම ප්‍රසන්න කාර්යයක් බවට පත් කරයි. දන්තාලේප වල ඇති නැවුම් සහ මිහිරි රසය මුවට පි‍්‍රයජනක බවක් එක් කරයි.

දත් බෙහෙත් තෝරා ගැනීම

ප්ලුවොරයිස් ෆ්ලෝරයිඩ් (Fluoride) අඩංගු දන්තාලේපයක් සෑම විටම පාවිච්චි කළ යුතුය. එමගින් විශේෂ ආරක්ෂාවක් දතට ලැබේ. දන්ත එනමලය මත ෆ්ලෝරයිඩ් ක්‍රියාකර එනමලය ආරක්ෂා කරයි. එමගින් දත් කුහර ඇතිවීම වළකී. මෙම ෆ්ලෝරයිඩ් ක්‍රියා කරන්නේ දන්ත එනමලය මත බාහිර ආවරණයක් ලෙස ය.
ජලයේ ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය අධික ප්‍රදේශවල ජනතාව ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේප භාවිතා කළ යුතු නැතැයි මතයක් සමහරුන් දරති. නමුත් මේ මතය වැරදිය.
ජලයේ හෝ ආහාර මගින් ලැබෙන ෆ්ලෝරයිඩ් අනෙක් පෝෂණ සංඝටක මෙන් සිරුරට අවශෝෂණය වි ක්‍රියාකරයි. නමුත් දන්තාලේප මගින් මුව තුළට එක් වීම දත මතුපිට ආලේප මත ෆ්ලෝරයිඩ් ක්‍රියා කරන්නේ දත මතුපිට ස්ථරයක් වශයෙනි. එමගින් එනමලය ආරක්ෂා කරයි. මේ නිසා ජලය ෆ්ලෝරයිඩ් සාන්ද්‍රණය වැඩි ප්‍රදේශවල ජනතාව වුවද ෆ්ලෝරයිඩ් අඩංගු දන්තාලේපයක් භාවිතා කිරීමෙන් හානියක් නොවේ.

දත් මැදීමේ දී "මැදිය යුතු ස්ථාන"

දත් මතුපිට, දත් අතර, තොල් ඇතුළු පැත්ත, විදුරුමස් දාරය, දිව ආදී මුඛයේ සියලුම ප්‍රදේශ බුරුසුවක් මගින් මැදිය යුතුය. දත් අතර රැඳෙන ආහාර කැබලි හොඳින් ඉවත් කිරීමට බුරුසුවේ කෙදි නැමී ඇද වී නොතිබිය යුතුය.
උඩු ඇන්දේ දත්වල විදුරුමස් ප්‍රදේශයේ සිට දත් අතරින් පහළට බුරුසුව ගෙන එමින් ද, යටි ඇන්දේ විදුරුමස් දාරයේ සිට දත් අතර දාර හොඳින් මැදෙන සේ ඉහළටත් බුරුසුව නො යා යුතු ය. දත් මතුපිට ද විශේෂයෙන් "හකු" ප්‍රදේශය ද මැදිය යුතු ය.

දත් හොඳින් මැදී ඇති බව දැන ගන්නේ කෙසේ ද?

දත් මැදී ඇත්නම් දිව අගින් දත් ස්පර්ශ කරන විට සිනිදු බවක් හෙමින් ලිස්සා යන බවක් දැනේ. මැලියම් සම්පූර්ණයෙන් ඉවත් වී නැති නම් ඒ ස්ථාන "ගොරෝසු" බවක් දිවට දැනේ. කණ්ණාඩියක් හෙවත් කැඩපතක් ඉදිරියේ සිට මුඛයේ දත් අතර බුරුසුව යන ආකාරය බලමින් දත්මැදීම මගින් සියලු ප්‍රදේශ මැදීම ස්ථිර කර ගත හැක. දත් අතර දාරවල ආහාර කැබලි රැඳී ඇත්නම් ඒවා ඉවත් වන ලෙස ඉහළට හා පහළට දත් බුරුසුව ගෙන යාම වෙනුවට සමහරු ඉතා තදින් මුඛයේ එක් පැත්තක් පමණක් මදින්නට පුරුදුව සිටිති.
මෙසේ "දැඩිව" බුරුසුවෙන් මැදීම දත් ගෙවීයාමට හේතුවකි. දත් හිරිවැටීම මෙම ගෙවීයාම නිසා දැනෙයි. සම්පූර්ණ අතෙහි වෙර ගෙන ඉතා තදින් දත් මැදීම නොකළ යුතු ය. දත් ගෙවී දන්තීනය දක්වා පිටතට නිරාවරණය වීම මෙම ඉතා තද මැදීමේ අහිතකර ඵලයකි. දත් බෙහෙත් යොදා දත් මැද කට සේදීමේ දී ඉතා තදින් (ඍඪඨධපධභඵ) කට සේදීම නොකළ යුතුය. දන්තාලේප සුවඳ හා සුළු වශයෙන් රසය මුව තුළ පැවැතීම ඉතා වැදගත් ය. එමගින් මුවෙහි ඉතිරි වන ෆ්ලෝරයිඩ් දත මතුපිට ආරක්ෂා කිරීම සිදු වේ.

දත් බෙහෙත් කොපමණ ප්‍රමාණයක් අවශ්‍ය ද?

ළදරුවකුගේ නම් ඉතා තුනී ස්ථරයක් ලෙස දත් මතුපිට ආලේප කර සුදුසු බුරුසුවකින් මැදිය හැක.
කුඩා දරුවකුට නම් මුං ඇටයක ප්‍රමාණයක් සෑහේ. වැඩිහිටියන්ට කඩල ඇටයක ප්‍රමාණයක් දත් බෙහෙත් ප්‍රමාණයකි.
මීට වඩා ප්‍රමාණය වැඩි වීමෙන් හානියක් සිදු නොවේ. ඉහත ප්‍රමාණ ලබා ගැනීමෙන් අවශ්‍ය ප්‍රමාණය ලැබීම නිසා අපතේ යාම අඩුවෙයි. දත් බුරුසුව භාවිතය මිස ඇඟිල්ලෙන් මැදීම මගින් නිසි ප්‍රතිඵල නොලැබේ. දත් බුරුසුවේ ප්‍රමාණය තීරණය කළ යුතු වන්නේ වයසට හා මුඛයේ ප්‍රමාණය අනුව ය.
කෙදි නැමී නොමැති හිස කොටස ඉතා විශාල නොවූ දත් බුරුසු භාවිත කළ යුතුය. කෙදි තද වර්්ණ සහිත බුරුසුවක් නුසුදුසු ය. මුව තුළ විදුරුමසේ යම් ලේ ගැලීමක් ඇති විටක කෙදි මත තැවරුන විට එය හඳුනාගැනීමට පහසු වීම ලා පැහැති හෝ සුදු කෙදි සහිත දත් බුරුසුවල වාසියකි. (විදුරුමස රෝග හා ඩෙංගු රක්තපාත අවස්ථාව ආදී අවස්ථාවල විදුරුමසින් ලේ ගලයි)
මෙසේ මුඛය තුළ බැක්ටීරියා ඇතිවීම වැළක්වාලීමට අම්ල ඇති වී දත් නරක් වීම දිරායාම වළක්වා ගැනීමට නිසි ලෙස උදෑසන දත් මැදීම වැදගත් වෙයි. දවස ප්‍රබෝධයෙන් හා විශ්වාසයෙන් ඇරඹීමට දත් මැදීම උපකාරි වෙයි.
//